අල්ලස් ලබා ගැනීමේ ච‌ෝදනාවකට කල්කුඩා පා‌ෙලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලසක් වශය‌ෙන් ලබා ගැනීමේ ච‌ෝදනාව මත කල්කුඩා පොලීස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පා‌ෙලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා‌‌වේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට කල්කුඩා ප්‍රදේශයේ ගඩොල් කැපීම සඳහා අවශ්‍ය බලපත් ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ලබා ගැනීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙම ස්ථානාධිපතිවරයා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබේ.

ඉන් ක‌ොටසක් ල‌ෙස රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ල‌ෙස ලබා ගන්නා අවස්ථාවේ දී ම‌ෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Read more

Local News