සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනපති අතින් විවෘත කෙරේ

Share

ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබෙන ජාතික වීරයන්ගේ පිළිරුව අතරට එක්වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව විවෘත කෙරිණි.

ඒ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (10) පෙරවරුවේදි යි.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ට ලබාදිය හැකි ඉහළම ගෞරව පුදකරමින් ජනාධිපති කාර්යාලයේ සහ සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් මෙම පිළිරුව ඉදිකර තිබේ.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉටුකරන ලද මෙහෙවර අනුපමේය වේ.

Read more

Local News