බෞද්ධ පතපොත නියාමනය කිරීමේ වැඩපිළිවෙලක්

Share

බෞද්ධාගම සහ බුද්ධ ධර්මය විකෘති කරමින් පතපොත පළ කිරීම වැළැක්වීම සඳහා බෞද්ධ පොත් ප්‍රකාශන අාදිය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ළඟදීම සකස් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
පවසයි.

මෑතකදී පළ වී ඇති සමහර බෞද්ධ පොතපත මඟින් බුද්ධාගම පිළිබඳ විකෘති කරන ලද වැරදි අඳහස් ලැබී ඇති බවත් ඒ අනුව මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බෞද්ධ විහාර දේවාල ගම් පනත සංශෝධනය කෙරේ. පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සහ ඉරිදා දිනවල පස්වරු දෙකෙන් පසු උපකාරක පන්ති පැවැත්වීමට අවසර දීම පිළිබඳ පළාත් අමාත්‍යවරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාමර්ග ගන්නා බවද භික්ෂු කථිකාවත ලියාපදිංචි කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News