පසුගිය වසරේ ශිෂ්‍යත්ව හපනුන්ට 30 වන ආසියානු ෆැසිපික් ළමා සමුළුව නියෝජනය කිරීමට අවස්ථාව

Share

පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් සිසු සිසුවියන් හය (06) දෙනෙකුට සාමය හා සහජීවනය තේමා කරගත් ආසියානු ෆැසිපික් ළමා සමුළුව නියෝජනය කිරීම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊය‌ේ (11) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදුවිය.

30 වන වරටත් සංවිධානය කර ඇති මෙම සමුළුව ජූලි මස 13 වන දින සිට 23 දින දක්වා ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ආරම්භක සාමාජිකයකු වන ආසියානු ෆැසිපික් ළමා සමුළුව සාමාජික රටවල් හතළිස් පහකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාවේ නිල සම්බන්ධිකරණය සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟිනි.

මෙවර පැවැත්වෙන ආසියානු ෆැසිපික් ළමා සමුළුවේ 30 වන සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහන් ද සමුළුවට සහභාගිවන පිරිස් වෙනුවෙන් සැලසුම් කර ති‌බේ. ඒ අනුව පාසල් නිරීක්ෂණ චාරිකා, සංස්කෘතික හුවමාරු වැඩසටහන්, ජපන් ජාතික සත්කාරක පවුල් සමග කාලය ගත කරමින් අන්‍යොන්‍ය සුහදතාව වර්ධනය කරගැනීමේ අවස්ථාවලට ද ශ්‍රී ලාංකික සිසු දරුවන් සහභාගි වීමට නියමිතයි.

Read more

Local News