ඉදිරි දිනවලදීත් තවදුරටත් තද සුළං

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල සිහින් වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වේ.