ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්

Share

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය සඳහා රුපියල් ලක්ෂ 180 වැය කර නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
පංති කාමර, නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, පරිපාලන ඒකකයක් සහිත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරුණු ඇත.
මෙම විද්‍යාලයේ 6 වසරේ සිට 13 දක්වා පංති පැවැත්වෙන අතර කළා, වාණිජ, විද්‍යා යන සියළු විෂය ක්ෂේත්‍ර යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති පැවැත්වේ.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2800 මෙහි අධ්‍යාපනය හදාරන අතර ගුරු භවතුන් 130ක් පමණ සේවය කරති.

Read more

Local News