ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුම් 04කට අත්සන් තැබෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි.
2016 වසරේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්තයේ කළ සංචාරයේදී ජනාධිපතිතුමා විසින් කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ.
නායකයින් අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව නායකයින් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය.
නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීය.
දෙරට අතර ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය පිළිබදව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබීය.
තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබද ආර්ථීක දර්ශනය  මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ කි්‍රයාකාරම් වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් තැබිණි.