හ‌ෙර‌ොයින් මත්ද්‍රව්‍ය අල‌ෙවි කරන ජාවාරම්කරුව‌ෙකු සැකපිට අත්අඩංගුවට

Share

වතුකරයට හ‌ෙර‌ොයින් මත්ද්‍රව්‍ය අල‌ෙවි කරන ජාවාරම්කරුව‌ෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් ප‌ොලිස් මූලාස්ථානය පවසයි.

ම‌ෙම සැකකරු ක‌ොළඹ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් කරමින් සිටින අවස්ථාවේ ඊ‌යේ (12) රාත්‍රීයේ හැටන් මල්ලිඅප්පු ප්‍රද‌ේශය‌ේ දී සැකපිට අත්අඩංගුවට ග‌ෙන ‍‍ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කුඩා පැකට් වල අසුරා ඔහු සන්තකය‌ේ හ‌ෙර‌ොයින් මිලිග්‍රෑම් 700ක් තිබී ඇත.

ඔහු හැටන් ක‌ොටගල ප්‍රද‌ේශය‌ේ පදිංචි ද‌ෙදරු පිය‌ෙකු බවයි හැටන් ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

 

Read more

Local News