මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Share

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකදී ඊයේ (13) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ති‌බේ.

මොණරාගල – ඌව – කුඩාඔය ප්‍රදේශයේදී පුද්ගලයින් තුන් දෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අවුරුදු 52ක පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ති‌බේ.

වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මීට අමතරව මොණරාගල – ගොවිදුපුර ප්‍රදේශයේ උනානයාය ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වී ඇත.

පොලීසිය සඳහන් කළේ අවුරුදු 38ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

Read more

Local News