දියනෑමට ගිය මවක් සහ දියණියක් දියේ ගිලී ජිවිතක්ෂයට

Share

කුරුණෑගල – කොබෙයිගනේ – සුබසෙතගම මහවැවේ දියනෑමට ගිය දෙදෙනෙක් ඊයේ (13) පස්වරුවේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

චිත්‍රාංගනී නමැති වයස අවුරුදු 40ක කාන්තාවක් සහ මානවී හංසිකා නමැති වයස අවුරුදු 10ක් වන ඇයගේ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන්ගේ සිරුරු හමුවී තිබෙන අතර මෘත ශරීර මේ වන විට නිකවැරටිය රෝහලේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ අද (14) දින සිදුකිරීමට නියමිතයි.

Read more

Local News