මහියංගනය හුන්නස්ගිරිය මාර්ගයේ කැබ් රථ අනතුරකින් තරුණයෙක් මරුට

මහියංගනය හුන්නස්ගිරිය මාර්ගයේ එනමල්පොත ප්‍රදේශයේදී එලවළු ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක මාර්ගයෙන් ඉව‍තට පැන අද සිදුවූ අනතුරකින් එම රථයේ ගමන් කළ තරුණයෙක් මියගොස් තිබෙන බවට වාර්තා ව‌ෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ හුන්නස්ගිරිය බඹරබැද්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.