සුළං තත්වය තවදුරටත් – දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Share

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩිවිමක් ද ඉදිරි දින කිහිපයක් දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර සමහර ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

Read more

Local News