පාපන්දු ල‌ෝක කුසලානය ප්‍රංශය තමන් සතු කර ගනීයි

Share

රුසියාවේ මොස්කව් නුවර ලුශ්නිකි ක්‍රීඩාංගනය, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟය වෙනුවෙන් ඊය‌ේ (15) දින වර්ණවත් විය.

ප්‍රංශය සහ ක්‍ර‌ොඒෂියාව සමග ඊය‌ේ පැවැති පාපන්දු ල‌ෝක කුසලානය‌ේ ශුරතාවය දිනා ගැනීමට ප්‍රංශය සමත් විය.

ඒ අනුව ක්‍ර‌ොඒෂියාව ගෝල 4 – 2 ක් ලෙස පරාජය කරමින් ප්‍රංශය ජයග්‍රහණය කළ‌ේය.

දෙවන වරට පාපන්දු ලෝක කුසලානයක අයිතිය හිමි කර ගැනීමේ අරමුණින් ප්‍රංශ කණ්ඩායම පිටියට පිවිසුනේ සිය පලමු ලෝක කුසලාන අවසන් තරගයට එක්වූ ක්‍රොඒෂියාවට එරෙහිවයි.

Read more

Local News