ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට නව ගොඩනැගිල්ලක්

Share

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (17) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී  හර්ෂණ රාජකරුණා මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්  ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා ගම්පහ දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එස් ඉලන්ගම්ගේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News