ඉඩම් ඔප්පු ලබාගැනීම පිළිබඳ පුත්තලම ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

Share

ඉඩමක හිමිකමක් නොමැති ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන කඩිනම් කිරීම යටතේ පුත්තලම දිස්ත්‍රික් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අධීක්ෂණය යටතේ දිවයින පුරා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව මඟින් මෙහෙයවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතු ඉඩම්වල පදිංචි වී සිටින ජනතාව වෙනුවෙන් ඔප්පු ලබා ගැනීම පිළිබඳව මෙහිදී දැනුම්වත් කෙරිණි.

එහි පළමු වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයදී පැවැත්විණ.

Read more

Local News