වැල්ලවාය මාලේවන රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ මාලේවන යාය මාර්ගයේ පිහිටා ඇති මාලේවන කදු රක්ෂිතයේ අද (17) උදෑසන සිට විශාල ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර තිහකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්න‌ේ.

වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News