ඉදිරි පරම්පරාව ණය කරන ආර්ථික ප්‍රතිපත්තියක් රජයට නැහැ – සිංගප්පූරු ගිවිසුම පිළිබඳ බියවිය යුතු නැහැ

Share

ඉදිරි පරම්පරාව ණය කරන ආර්ථික ප්‍රතිපත්තියක් රජයට නොමැති බවත් සිංගප්පූරු ගිවිසුම පිළිබඳ බියවිය යුතු නොමැති බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන වැදගත් ගිවිසුමක්. එදා නිදහස ලබාගන්න විට ශ්‍රී ලංකාවට වඩා ආර්ථික ලෙස දුර්වල තැනක සිංගප්පූරුවට තිබුණේ. අද ලෝකයේ ආර්ථිකයේ ශක්තිමත් රටක් ලෙස සිංගප්පූරුව තිබෙන්නේ. එවැනි රටක් සමඟයි අප වෙලඳ ගිවිසුමකට එළඹ සිටින්නේ. ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම හොඳින් අධ්‍යයනය කරන්න. මින් ශ්‍රි ලංකවේ අර්ථිකයට හා වෙළඳාම දෙන ශක්තිය සොයා බලන්න කියලා සියලු දෙනාටම කියනවා.

ආසියාව ආර්ථික වශයෙන් ඉදිරියට යන විට තරඟකාරි ලෙස රට ගොඩනගන්න තිබෙන අවස්ථාවක සිටින්නේ. අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් තුළින් රට ගොඩනැගීමයි යෝජනා කර තිබෙන්නේ. සංවර්ධනයක් පෙන්වලා ණය ගෙවන්න, ඉදිරි පරම්පරාව ණය කරන ආර්ථික ප්‍රතිපත්තියක් රජයට නෑ. ආයෝජන ගෙනාවොත් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරගන්න පුළුවන්. අනාගතයක් අපේ තරුණ තරුණියන්ට ලබදෙන්න හැකි වෙන්නේ ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වුවහොත් පමණයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News