කොස්ලන්දෙන් නීති විරෝධීව වගා කර තිබූ ගංජා හේනක් අල්ලයි

Share

කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ උණකන්ද රක්ෂිත ප්‍රදේශයේ දී කොස්ලන්ද පොලිසිය සිදු කල හදීසි වැටලීමකදී නීති විරෝධීව වගා කර තිබූ ගංජා හේනක් වටලා එක් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන ති‌බේ.

මෙම ගංජා හෙනේ ඉතා සරුවට වගා කර තිබූ ගංජා පැළ පන්දහසකට වඩා තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධික බව පොලිසිය පවසයි.

සැකකරු ඉතා සූක්ෂම ලෙස මෙම ගංජා හේන වගා කර තිබී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ඌව කුඩාඔය බළහරුව, වැල්ලවාය ලිපනයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයකු බව කොස්ලන්ද පොලිසිය පවසයි.

සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News