පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන සාකච්ඡා කිරීමට සිකුරදා පක්ෂ නායක රැස්වීමක් – කතානායක

Share

පළාත් සභ ඡන්දය පැවැත්වීම කෙසේ සිදු කළ යුතු ද යන්න සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් සිකුරාදා (20) දින පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ස්ථාවර නියෝග යටතේ අද (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් සභා ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානයකවරයා මේ බව පැවසී ය.

එමෙන් ම මෙතෙක් කිසිදු පක්ෂ නායකයෙක් ඡන්දය කල්දැමීමට ඉල්ලීමක් කර නතැයි ද ඡන්දය කල්දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවත් කතානායකවරය සඳහන් කළේ ය.

Read more

Local News