පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

Share

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිෂන් සභවේ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව දළදා මාලිගාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ටී.පී හලන්ගොඩ මහතා පොල්පිතිගම පොලිස් ස්ථානයටත්, පුලස්තිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.ඩබ්ලිව් බණ්ඩාර මහතා දළදා මාලිගාව පොලිස් ස්ථානයට මාරු කර යවා තිබේ.

මල්ලාවි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එස්. රාජනායක මහතා කැලණිය පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News