සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර ලබන 21 වනදා ආරම්භ වෙයි

Share

ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර ලබන 21 වනදා ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහනගර සභා ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රූපවාහිණි තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට උත්සවය ඇමතීමට නියමිතයි.

සුවසැරිය දෙවන අදියර සඳහා ඉන්දීය රජය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික මුදලක් ලබාදී තිබේ.

ඒ යටතේ නව ගිලන් රථ 200කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිත අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1782ක පමණ පිරිසක් පුහුණු කර සේවයේ යෙදවීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

සුවසැරිය ගිලන් රථ සේවාවේ පළමු අදියර බස්නාහිර හා දකුණු පළාත් වල දිස්ත්‍රික්ක 06ක ක්‍රියාත්මක වන අතර මේ වන විට රෝගීන් 79,000කට අධික ප්‍රමාණයක් එම ගිලන් රථ මගින් සේවාවන් ලබාගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම සුවසැරිය ගිලන් රථ තුළ දරු උපත් 27ක් සිදුව ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News