94වන උදා ගම්මානය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හ‌ෙට ජනතා අයිතියට

Share

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 94වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, තිස්සපුර ඉදිවූ “සිරිමිතුරු LOLC උදාගම” හෙට (20) ජනතා අයිතියට පැවරේ.
ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහි මුළු නිවාස ගණන 30කි. සෑම නිවසකටම පර්චස් 20 බැගින් ලබාදී තිබේ.

“සිරිමිතුරු LOLC උදාගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4.5කි.
ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News