දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තවදුරටත් – දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Share

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිකුත් කළ නිවේදනය සඳහන් ව‌ෙයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

Read more

Local News