අද පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

අද (20) රාත්‍රී 9 සිට පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව බේස්ලයින් පාරේ කැළණි පාලම මංසන්දියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලූ අතුරු මාර්ග මෙන්ම හෙට්ටිවීථිය සහ සියලූ අතුරුමාර්ගවල, කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති බවටයි සඳහන් වන්නේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් සඳහන් කළ‌ේ, මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.

Read more

Local News