තම රටේ සංචාරය කරන ල‌ෙස ඇම‌ෙරිකානු ජනාධිපති රුසියානු ජනාධිපතිට ඇරයුම් කරයි

Share

මේ වසරේ ශිශිර ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ආරාධනා කර ති‌බේ.

ද‌ෙරටේ නායකයින් අතර ෆින්ලන්තයේ – හෙල්සින්කි අගනුවර පැවති හමුව දැඩි මතභ‌ේදයකට ලක්ව තිබීය දී ඇම‌ෙරිකානු ජනාධිපතිවරයා කළ ඇරයුම සම්බන්ධව රැසියාව තවම ප්‍රතිචාර දක්වා නැත.

සංචාරයක් සඳහා තම රටට පැමිණ‌ෙන ල‌ෙස ඇම‌ෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඇරයුම් කර ඇති බව ධවල මන්දිරය‌ේ මාධ්‍ය ‌ලේකම්වරිය වන සාරා සැන්ඩර්ස් පවසයි.

අදාළ හමුව සඳහා ‌මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව දැක්ව‌ෙන ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමටත් සාරා සැන්ඩර්ස් කටයුතු කර ති‌බේ.

අම‌ෙරිකානු සහ රුසියානු නායකයින් අතර ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර පැවති හමුවේ දී සාකච්ඡා කළ කරුණු සම්බන්ධව වැඩිදුර ත‌ොරතුරු තවමත් මාධ්‍යයට අනාවරණය කර නැත.

ද‌ෙරටේ නායකයින් අතර හෙල්සින්කි නුවර පැවති හමුව දැඩි මතභ‌ේදයට තුඩු දුන්න ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එය ඉතාම සාර්ථක බව සහ තවත් හමුවක් සඳහා තමා අවදානය ය‌ොමු කර ඇති බවයි.

Read more

Local News