අනවසර ඉදිකිරීම් ඉවත් කර ගාල්ල ලෝක උරුමයත් රැක ගත යුතුයි – විජයදාස රාජපක්ෂ මහතා

Share

ගාල්ල ලෝක උරුමය ආරක්ෂා කරගැනීමට නම් ගාල්ල ක්‍රකට් ක්‍රිඩාංගනයේ ඉදි කර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු බවත් ඒ අනුව ගාල්ල ක්‍රීඩංගනය රැකගනිමින් ගාල්ල ලෝක උරුමයත් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ගාලු කොටුවේ පවතින ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ ට ගෙන යෑමට ලෝක උරුම අටක් ඉවහල් වී තිබෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, ගාලු කොටුව, සීගිරිය, යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. යුනෙස්කෝ ආයතනය නීති රීති රෙගුලාසි පද්ධතියක් තිබෙනවා. ඒවා උල්ලංඝණය කළොත් ඒවා ලැයිස්තුවෙන් කපා හරිනවා. අවදානම තිබෙන ස්ථාන තුනක් ගැන යුනෙස්කෝව ප්‍රකාශ කර තිබෙනවා. ගාලු උරුමය, දඹුල්ල, හා සිංහරාජ වනාන්තරය එම ස්ථාන තුනයි. ගාලු ක්‍රීඩාංගනය කරන ලද අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටළුවක් තිබෙනව. ගාලු නගරය සුනාමියෙන් පසු නගර සැලසුමක් නිර්මාණය කරලා අනුමත කර තිබුණා. දැන් ප්‍රශ්නය මතු වී තිබෙන්නේ අනවසර ඉදිකිරීම් පිළිබඳවයි. යුනෙස්කෝව ගාලු ක්‍රීඩාංගනයේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ගහන්න එපා කියන්නේ නෑ. එය හිස් අවකාශයට නිදහස් කරන්න කියලා තිබෙනවා.

යුනෙස්කො සංවිධානය දිගින් දිගටම දැනුම් දී තිබෙනවා. එහි ස්ථාවරය වෙනස් වී නෑ. සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්න කිව්වා. ඉන් පසු රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන්නම්. කොග්ගල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම උචිත කාරණයක්. ගාල්ලේ අනවසර ගොඩනගිලි ඉවත් කරලා, ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ආරක්ෂා කරගෙන, ලෝක උරුමය රැකගැනීමට ක්‍රියා කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News