මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය ලබන 23වනදා

Share

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය ලබන 23වනදා සිදු කෙරේ.
දිවයිනේ පළාත් හතරක යල – මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසදුම් ලැබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ ජලාශයේ දියවර රැදවුම් උත්සවය ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වේ.
කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්තය. මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද ලබන 23වනදා ඇරඹේ.
රුපියල් කෝටි විසිතුන් දහසක් යොදවමින් ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් ධීවර ක්ෂේත්‍රයේ  මෙන්ම විදුලිබල නිෂ්පාදනයේ ද නව වෙනසක් සිදුවනු ඇත. එමෙන්ම මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වේ.

Read more

Local News