ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් ව‌ෙයි

Share

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් ව‌ෙයි.

ටෙස්ට් තරඟ 75 කට ක්‍රීඩා කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් මෙම දක්ෂතාව වාර්තා කළේ ය.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළ 09 වන පිතිකරුවා ලෙසටයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද‌ෙ‌වන ට‌ෙස්ට් ක්‍රිකට් තරඟය ‌මේ වන විට පැවැත්ව‌ෙන අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ‌ේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ‌මේ වන විට ක්‍රීඩකයින් 4 ද‌ෙන‌ෙකු දැවී ලකුණු 195ක් ලබා ග‌ෙන සිටියි.

Read more

Local News