ළඟම පාසල හොඳම පාසල යටතේ විසිදහසකට අධික ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කර ඇත

Share

ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙළ යටතේ විසිදහසකට අධික ව්‍යාපෘති ප්‍රමාණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙළ යටතේ වන ඇතැම් ව්‍යාපෘතීන්, ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන්ගේ අනුදැනුමකින් තොරව දේශපාලන වාසි තකා ඇතමුන් බලහත්කාරයෙන් විවෘත කරන බවට පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

එය අනුන්ගේ ළමයින්ට නම් තැබීමක් ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ. ළඟම පාසල හොඳම පාසල වැඩස‍ටහන යටතේ පාසල් තෝරාගැනීම නිශ්චිත ක්‍රමවේදයක් අනුව එය සිදුකළ බවත්, රේඛීය අමාත්‍යාංශය හරහා මුදල් ලබාගනිමින් පළාත් සභාවල ද සහාය ලබාගෙන ගිවිසුම් හරහා එකඟතාවන්ට ද පැමිණ මෙම දැවැන්ත කටයුත්ත සිදුකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල්වල ඉදිකිරීම් හා විවෘත කිරීම් සිදුවන විට මේ පිළිබඳ පළාත් සම්බන්ධීකාරකවරුන් නිසියාකාරව දැනුවත් ව සිටිය යුතු බවත්, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සම්බන්ධකරගනිමින් ඔවුන්ට සහභාගීවීමට පහසු දින යොදාගනිමින් එම උත්සව අවස්ථා සැලසුම් කිරීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News