විශ්වාසභංගයෙන් මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට තුනෙන් දෙකක ජයක්

Share

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් ඊයේ (20) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව ඉදිරිපත් කෙරුණු විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉන්දීය ලෝක් සභාවේදී

පැය 12ක දීර්ඝ විවාදයකින් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 451 දෙනෙකුගෙන් සමන්විත ලෝක් සභාවේ මන්ත්‍රීවරුන් 325 දෙනෙකු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඊට පක්ෂ වූයේ මන්ත්‍රීවරුන් 126 දෙනෙකු පමණයි.

ඒ අනුව නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට තුනෙන් දෙකක ජයක් හිමි විය.

Read more

Local News