වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

Share

මින්නේරිය, සිංහ උදාගම ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බව ප‌ොලිසිය සඳහන් කළ‌ේය.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබු අදාල කාන්තාව පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ තඹලවැව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරිරය පොලොන්නරුව රෝහලේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරික්ෂණය අද (23) සිදු කිරිමට නියමිතය.

Read more

Local News