5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දා – අයදුම්කරුවන් 355,326ක්

Share

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

මෙම විභාගය සඳහා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 355,326ක් වන අතර එහි සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 267,770 දෙනෙකු සහ දෙමළ මාධ්‍ය 87,556 දෙනෙකි.

විභාග මධ්‍යස්ථාන 3,050 මෙම විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් වේ.

Read more

Local News