හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමක්

Share

සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වී ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ සමග හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්දනය අක්‍රමවත්ව සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම ඔහුගේ යූරියා නයිට්‍රිජන් මට්ටම ඉතා භයානක මට්ටමක පවතින බව ද සදහන් වේ.

Read more

Local News