පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනපතිගේ නිරික්ෂණයට

Share

”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ඊයේ (22) ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
ඒ අතරතුර පොළොන්නරුව, ලක්ෂඋයන ගම්මානයේ ගිනිපෙට්ටි පාලමට නුදුරින් ඇති සපත්තු පාලම ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය.
 
එහිදී ජනාධිපතිතුමා වාරිමාර්ග නිලධාරින්ට උපදෙස් දුන්නේ එම සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසය.
එම ස්ථානයට පැමිණ සිටි තම ප්‍රදේශවාසී ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග  සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

Read more

Local News