පාසල් සිසුන්ට කේරල ගංජා අලෙවි කළ පුද්ගලයකු සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට

Share

වැල්ලවාය පොලිසිය විසින් වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසල ආසන්න ප්‍රදේශයේ දී ලද තොරතුරක් අනුව උපාය දූතයන් යොදවා සිදු කල වැටලීමකදී පාසල් සිසුන්ට කේරල ගංජා අලෙවි කල පුද්ගලයකු සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

මෙම සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් සැකකරුවන් ගංජා මිලදී ගැනීමට පැමිනි අය බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා තොගයක් සහ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ති‌බේ.

මෙම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු මේ මස තිස් එක දක්වාත්, සෙසු සැකකරුවන් අද දින දක්වා ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කර ඇත.

Read more

Local News