මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මගින් නිපදවූ විදුලිබලය ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ

Share

මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක්කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම ජනාධිපතිතුමා අතින් ඊයේ (23) සිදු විය.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරු ද, කතානායක කරූ ජයසූරිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ජයවික්‍රම පෙරේරා, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ජෝන් අමරතුංග, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News