අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිග‌ේ අවධානය

Share

හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූවන් තිදෙනෙකු අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමට යාමේ දී වෛද්‍යවරයෙකු නොමැති බව පවසා ඇතුළත් කර නොගැනීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී  ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සති දෙකක් තුළ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.
රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ එකම පවුලේ තිදෙනෙකු තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමට යාමේ දී වෛද්‍යවරයෙකු නොමැති බව පවසා ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන් පසු එම තුවාලකරුවන් තිදෙනා මිහින්තලය රෝහල වෙත රැගෙන යන අතරතුර දී පියා සහ දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත. මව අනුරාධපුර මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News