මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු මීගොඩ, ගොඩගම දිග්හැතැක්ම හංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ඒ සඳහා යොදාගන්නා ටී -56 වර්ගයේ ජීව උණ්ඩ 07ක්, කඩුවක් සහ කේරළ ගංජා ග්‍රෑම් 350ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ, හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ඉලේපෙරුමගේ දොන් ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා නොහොත් ඩීලා යන අය බවය.

සැකකරු අද (25) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News