ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ

Share

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේ ය.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබද අදහස් දැක්වී ය.

යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ නොසළකා හරිමින් ගාලු කොටු පවුර ලෝක උරුම සීමාවේ අනවසර ලෙස ඉදිකර ඇති ක්‍රීඩාගාරය ක්‍රමානුකූලව ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බව ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා අත්තනෝමතික ක්‍රියාකාරකම් සිදු කළ කණ්ඩායම් විසින් ම මෙම ඉදිකිරීම් ඉවත්කිරීමට එරෙහිව සහ වෙනත් අසත්‍ය තොරතුරු පතුරවමින් ජනතාව නොමඟ යවමින් සිටීම කණගාටුදායක තත්වයක් බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

Read more

Local News