අවබෝධය තුළින් සංහිඳියාවේ දිගු කාලීන සාමයක් ඇති කළ හැකියි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක

Share

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය, දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි ආගමික සහ වාර්ගික සහජීවනය වර්ධනය කරලීම උදෙසා ක්‍රියාත්මක කරන අන්තර් ආගමික සමුළුව ඊයේ (24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එම අවස්ථාවට එක් වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළේ,

 

දශක තුනක් පමණ පැවති යුද්ධය අවසන් වුවද තවමත් ඒ නිසා හටගත් බොහෝ ගැටලු විසඳමින් පවතින බවත් ආගමික සංහිඳියාව තුළින් ජාතික සංහිඳියාව ඇති කළ හැකි වුවද ඇතැම් රජයන් මෙම ජාතින් අතර අසමගිය ඇති වීමට සහය පළ කළ බවත් පැවසූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, රාජ්‍ය සේවයට සිංහල මෙන්ම දෙමළ මුස්ලිම් පුද්ගලයන් ද අවශ්‍ය බව සඳහන් කළාය. අවබෝධය තුළින් සංහිඳියාව ඇති කිරීමෙන් පමණක් දිගු කාලීන සාමයක් ඇතිකර ගැනීමට හැකි බවද තවදුරටත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

දිස්ත්‍රික් 16 නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් විසින් ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින් මෙම අන්තර් ආගමික් කමිටුවල සාර්ථකත්වය ඔවුන් විසින් පැහැදිළි කර දුන් අතර ඔවුන්ගේ අත්දැකීම් හා යෝජනා ඇතුළත්, සංහිඳියාව ගොඩනැංවීම සඳහා වු ජාතික අන්තර් ආගමික කමිටු යෝජනා මාලාවක් ඇතුළත් සංන්දේශයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට භාර දෙනු ලැබුවා.

Read more

Local News