2018 ආසියානු කුසලාන එක්දින තරඟාවලිය ලබන සැප්තැම්බරයේ අාරම්භ වෙයි

Share

2018 ආසියානු කුසලාන එක්දින තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 06ක් කාණ්ඩ 02ක් යටතේ තරඟ වැදීමට නියමිතයි.

තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි පැවැත්වීමට සැලසුම්කර ඇත.

සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, නේපාලය, මැලේසියාව සහ හොංකොං කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරඟාවලියට පෙර පැවැත්වෙන තරඟාවලියකින් අනතුරුව ජයගන්නා කණ්ඩායම ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම අතර එක්වීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ  “A “කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්ථානය සහ තෝරා ගන්නා කණ්ඩායම තරඟ  වදින අතර “B” කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ වදිනු ඇත.

Read more

Local News