ගිංතොට හා අම්පාර සිද්ධීන්වලින් සිදු වූ දේපළ හානිවලට වන්දි – අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්

Share

පසුගිය වසරේ දී ගිංතොට ප්‍රදේශයේ සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් හානි වූ දේපළ හා පූජනීය ස්ථාන සඳහා වන්දි ලබාදීම පිණිස නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

මීට පෙර එවැනි සමාන සිදුවීම්වල දී භාවිතා කරන ක්‍රමවේදයන් සළකා බලා ඒ අනුව මෙම වන්දි ගෙවීම් සිදු කරන බවද අමාත්‍යවරයා, ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙයි.

Read more

Local News