ශන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වැනි මහ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි

Share

ආසියා ශන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වැනි මහ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.

ආසියා ශාන්තිකර කලාපය තුළ දියුණු සහ නවීන විද්‍යුත් මාධ්‍ය පරිසරයක් අතිකර ගැනීමේ අරමුණ ඇතිව ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනය පිහිටුවා ඇති අතර එම ආයතනය එහි සාමාජික රටවල මාධ්‍ය උපදේශන ආයතනයක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1982 වර්ෂයේ සිට මෙම ආයතනයේ පූර්ණ සාමාජිකත්වය දරන අතර, එහි තාක්ෂණික හා පුහුණු අවස්ථා ප්‍රතිලාභ ලබාගනී.

17 වැනි මහ සමුළුව එළඹෙන අගෝස්තු මස දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටත්, එහි සත්කාරක ආයතනය ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් කටයුතු කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

Read more

Local News