විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කෙරේ

Share

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ, මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 25,000 කට අධික වන අතර ඒ සඳහා අයැදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

Read more

Local News