එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත

Share

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ,

විශේෂ තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් කුමන තත්ත්වයක් තුළ වුවද එය ක්‍රියාත්මක කරන බවයි.

වරදකරුවන් බන්ධනාගාරගත කිරීමෙන් පුනරුත්ථාපනය වීමට අවස්ථාව ලබා දෙන විට ඔවුන් නැවතත් පුරුදු ජාවාරම්වල නියැලීම මැඩපැවැත්වීම මෙවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සිරකරුවන්ගේ ජාවාරම්වලට සහාය ලබාදීමට කටයුතු කරනු ලබන බන්ධනාගාර නිලධාරීන්ට ද දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News