තායිලන්තයේ වට් සංඝටාන් විහරස්ථානයේ දූත පිරිස අගමැති හමුවෙයි

Share

තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි වට් සංඝටාන් විහාරස්ථානයේ විහාරාධිපති, මහාචාර්ය කක්රූපලස් පයිරින් සිලිවට්නෝ හිමිපාණන් වහන්සේ ඇතුලු දූත පිරිස ප‌ෙ‌‌රේදා (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

වට් සංඝටාන් විහාරස්ථානය විසින් පසුගිය දෙසැම්බර් මස දී කටුනායක සිට මිහින්තලය දක්වා සංවිධානය කරන ලද සාම පාගමන සදහා සහයෝගය දැක්වීම පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී මහාචාර්ය කක්රූපලස් පයිරින් සිලිවට්නෝ හිමිපාණන් වහන්සේ සිය ස්තූතිය පිරිනැමීය.

Read more

Local News