අපනයන කර්මාන්තය සඳහා කකුළුවන් ඇල්ලීමේ ධීවර තොටුපල කඩිනමින් සංවර්ධන කිරීමට පියවර

Share

අපනයන කර්මාන්තය සඳහා කකුළුවන් ඇල්ලීමේ නිරත මන්නාරම, මුලන්කාවිල්, මාදනගර් ධීවර තොටුපල කඩිනමින් සංවර්ධන කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි මහතා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මන්නාරමේ සිදුකළ සංචාරයේ දී මෙම තීරණය ගෙන තිබේ.

එහිදී මෙම ධීවර තොටුපල නිරීක්‍ෂණය සදහා ගිය අමාත්‍යවරුන් දෙපළ එම ධීවර තොටුපලේ පවතින ගැටළු සොයාබලමින් ධීවර කටයුතු සිදුකරන ආකාරය මෙන්ම එම තොටුපලින් ධීවර රැකියාවට යන ධිවරයින් සමග සාකච්ජා කළ අමාත්‍යවරු දේපල ඔවුන් මුහුණ දී සිටින ගැටළු පිලිබදව විශේෂ අවධානය යොමු කළහ.

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන එන අපනයනය සදහා කකුළුවන් ඇල්ලීමේ නිරත ධිවරයින් මුහුදු ගමන ආරම්භ කරන මෙම තොටුපල පත්ව ඇති තත්ත්වය පිළිබදව කණගාටුව පල කළ අමාත්‍යවරුන් වහාම නව ජැටියක්ද සමඟ එහි සංවර්ධන සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුහ.

Read more

Local News