952 වන ජන උදාන නිවාස ගම්මානය කිරින්ද පුහුල්වැල්ලට

Share

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබන ජන උදාන නිවාස ගම්මාන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 125 ක වියදමින් ඉදිවන 952 වන ජන උදාන නිවාස ගම්මානය මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද – පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තැන්නහේන ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ එකම සැලසුමකට අනුව අක්කර දෙකක භූමි භාගයක ඉදිකෙරෙන මෙම නිවාස ගම්මානය තුළ නිවාස 25 ක් ඉදි කෙරෙන අතර එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් නිවාස 25 සඳහා රුපියල් ලක්ෂ 125 ක් වැය කෙරේ. එම මුදල් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස හිමියන් සඳහා ආධාරයක් වශයෙන් ලබා දෙයි. කිරින්ද – පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරින්ද මගින් පහළ ග්‍රාම නිලධාරී වසමේ නිවාස නොමැති මුස්ලිම් ජනතාව සඳහා මෙම නිවාස ලබා දීමට නියමිත ය.

Read more

Local News