ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවයක්

Share

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, ඊයේ (25) කොල්ලුපිටිය පැවැත්විණි.

එ් ජුම්මා දේවස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින්  සිහිකිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද සිදු විය.

Read more

Local News