අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

Share

අද (27) දින එනම්, ඇසළ පොහෝදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන අතර, එය රාත්‍රී 10.45ට ආරම්භ වී පසුදින (28දා) අලුයම 4.58ට අවසන් වේ.

එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව අද රාත්‍රි 11.45 සිට හෙට අලූයම 3.49 දක්වා පවතී.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය පෙන්වා දෙන්නේ එය විරල චන්ද්‍රග්‍රහණයක් ලෙසට හඳුන්වා දිය හැකි බවයි.

චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වයි.

චන්ද්‍රග්‍රහණයක් සිදුවිය හැක්කේ පුරපසළොස්වක දිනයකදී පමණි. සූර්යග්‍රහණ පෘථිවියේ ඉතා සීමිත ප්‍රදේශයකට පමණක් දිස්වන සිදුවීමක් ව‌ෙයි.

Read more

Local News